ගනන් වැඩියි කියලා හිතුනද?
එහෙම හිතෙන්න සාධාරණයි ඉතින්. මොකද දැකලා වත් නැති සයිට් එකක් එක පාරටම ඇවිත් Ad දාන්න space තියලා ඒකට මෙච්චර ගනන් දම්මහම.
නෑ. සයිට් එක අලුත් එකක් නෙවෙයි. එහෙම උනාටට පරණම එකකුත් නෙවෙයි.
මන් සයිට් එක පටන් ගත්තේ මාර්තු දෙක වගේ. අනේ මන්දා පෙබරවාරි දෙක ද කියලවත් මතක නෑ. ඉතින් එහෙම සයිට් එක පටන් ගත්තා. සයිට් එකේ මූලික වෙන්න ඕන දේ උනා. ඒත් සයිට් එකේ ගොඩක් අඩුපාඩු තිබ්බා.
ඉතින් ගොඩක් අයගෙන් උදව් ඉල්ලුවා net එක පීරුවා. ඒත් උදව්වක් හම්බුනේ නෑ. ඉතින් තනියෙන් හිතලා හිතට ආපු අදහස් දාලා සයිට් එකේ අඩුපාඩු හැදුවා.
සයිට් එක සතියක් දෙකක් නිකම්ම තියෙන්න දුන්නා ඒ කිව්වෙ මන් ඇඩ් දැම්මෙ නෑ. ඉතින් එපාර හොද Ad Network දෙකක් සෙට් උන නිසා ඒවලින් ඇඩ් දැම්මා.
ඒ Ad network වල Reports දැක්කම මන් දැක්කා සයිට් එකට හොදට ට්‍රැෆික් එන බව. හොද මට්ටමකින් ඇඩ් වලට clickකුත් ආවා. ඉතින් ඔහොම යද්දි එක ඇඩ් නෙට් එකක් අසාර්ථක උනා. ඒත් අනිත් Ad net එකට මුකුත් අවුලක් උනේ නෑ ඒකෙන් මන් හොදට earn කරා.
ඉතින් මේ විදිහට ඇඩ් දාලා සති තුනක් යන්න හම්බුනේ නෑ. සයිට් එකේ ගොඩක් අවුල් ගියා. ඒ වගේම හොස්ට් එකත් Banned උනා. 2017/05/09 දවසේ රෑ හොස්ට් එක ආපහු ලැබුනා. ඒ කියන්නේ සයිට් එක නැතුව මන් මාස දෙකක් හිටියා. හැබැයි ඉතින් ආපහු හොස්ට් එක ලැබුනේ නම් මගේ database ඔක්කොම අයින් කරලා.
වෙන එක්කෙනෙක් නම් මේ වෙලේ ගොඩක්ම කඩා වැටෙන්න තිබ්බා මාත් එහෙම වෙන්න තිබුනා. ඒත් සයිට් එකේ database වල බැකප් එකක් හොස්ට් එක banned වෙන්න දවස් දෙකකට කලින් මන් අරගෙන තිබුණා. ඒක තමයි ඉතින් වෙලාව කියන්නේ.
ඉතින් හොස්ට් එක ලැබුන නිසා දවස් දෙකක්ම සයිට් එකේ අඩුපාඩු හදලා වැඩ ඉවරයක් කරා. දැන් ඉතින් වැඩේ තියෙන්නේ සයිට් එක ආපහු මිනිස්සු අතරට ගෙනියන එකයි. හැබැයි මන් ඒකත් කරා. මොකද සයිට් එකට ඒ දවස් දෙකෙත් 3000 ලැබුනා. ඒක නම් ආරම්භයක් විතරයි.
ඒත් ඉතින් අර කලින් වැඩ කරද්දි නම් දවසකට මගේ සයිට් එකට views 8000ක් ආවා. මන් හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක්.
ඒ වගේම සයිට් එකෙ ට්‍රැෆික් කවදාවත් දවසකට views 3000කට් අඩු උනේ නම් නෑ තව ටික දවසකින් ආපහු ඒක ස්ථීර වෙයි.
සයිට් එකේ ට්‍රැෆික් එක නිසාම පොඩිම පොඩි කාලෙකින් සයිට් එකෙ Alexa එක හොද තැනකට ගේන්න පුලුවන් උනා. හොස්ට් එක banned වෙලා තියන කාලෙදි නම් alexa වැඩිය බැස්සේ නැති එක ලොකු දෙයක්. ඒත් සයිට් එකේ ලංකාවේ රෑන්ක් නම් ගොඩක් බැහැලා.
තව ටික දවසකින් මම සයිට් එකේ සම්පූර්ණ ට්‍රැෆික් වාර්ථා ඉදිරිපත් කරන්නම්. එතකොට නම් ඔයාලට ඇඩ් දාන එක මේ වගේ ගණන් වලට නම් ගොඩක්ම ලාභයි කියලා හිතෙයි.